බංග්ලාදේශ සුපිරි ආරම්භ පිතිකරු තමිම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ගත් තීරණය වෙනස් කර තිබෙනවා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හෙයිකි හසීනා මහත්මියගේ ඉල්ලීම මතයි තමිම් සිය තීරණය වෙනස් කර ගෙන ඇත්තේ.

පසුගියදා මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු ජාත්‍යන්තර පිටියට සමුදෙන බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවේ අතිශය සංවේදි වෙමින්.

පසුව තමිම් සිය බිරිඳ සමග බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය සමග සාකච්ඡාවක එක්ව තිබුණා.

WhatsApp Group

Skip to content