සාලියවැව, තබ්බෝව රක්ෂිතයේ හදීසියේ හට ගත් ගින්නකින් අක්කර 50ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා.

සාලියවැව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලීසිය, යුධ හමුදාව සහ කරුවලගස්වැව අඩවිවන කාර්යාලයේ නිලධාරීන්ගේ සහය ඇතිව මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සාලියවැව පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content