තන්තිරිමලේ ප්‍රදේශයේදී සිදුවු තිරික්කල අනතුරින් තුවාල ලබා සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කර සිටි වයස අවුරුදු 22ක තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

අනතුරින් තුවාල ලැබු තවත් තිදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිනවා.

මඩු වන්දනාවේ යමින් සිටි තිරික්කල රථ පහක පුද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණා.

WhatsApp Group

Skip to content