තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවට සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.
මේ අතර අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

WhatsApp Group

Skip to content