කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා .
ඊයේ පෙ.ව 10.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද පෙ.ව 10.30 තෙක් වලංගුවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු මැද, දකුණු, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සඳහා මෙම නිවේදනය වලංගුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියා .
දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 50ත් 60ත් පමණ තද සුළං ඇතිවිය හැකි බවද සදහන්.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30ත් 40 ත් පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව වැඩිදුරටත් නිවේදනය කරනවා .

WhatsApp Group

Skip to content