සත්ත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික භෝගයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොල වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පෞද්ගලිකව සිදු නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා තණකොල ප්‍රමාණවත් පරිදි නොලැබෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

එමඟින් මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද බාධා මතුව තිබෙනවා.

දෛනිකව කිරි එළදෙනුන්ගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ද එය හේතුවී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා  දෙන්නේ.

WhatsApp Group

Skip to content