ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව චීනය සිය සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී තිබෙනවා.

චීන ආනයන අපනයන බැංකුව හරහා මෙම සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබා දී ඇති බව සදහන්.

ඒ සමගම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට තිබූ ප්‍රධාන බාධකය ඉවත් වන බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කර ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය වැඩ සටහන මෙතෙක් ප්‍රමාද වූයේ චීනය ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය සම්බන්ධයෙන් ඔවුන්ගේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දීම ප්‍රමාද වීම හේතුවෙන්.

WhatsApp Group

Skip to content