විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අතීතයේ ගෙවා ඇති විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද , කිසිදු ආකාරයක බලපෑමක් නොමැති බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයටද බලපෑමක් එල්ල නොවන බව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන සංකීර්ණය විවෘත කරමින් ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කලා.

https://www.vnews.lk/storage/2023/06/RANIL-WIKRAMASINGHA-EDIT-01-.mp3?_=1

රටේ මිලියන 50 කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිදු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නොමැති බවත්, බැංකු තැන්පතු සඳහා වන කිසිදු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කලා.

https://www.vnews.lk/storage/2023/06/RANIL-WIKRAMASINGHA-EDIT-02.mp3?_=2

WhatsApp Group

Skip to content