රට මුහුණ දී සිටින ණය අර්බුද විසදීමට පුඵල් උපාය මාර්ගික වැඩපිළිවෙලක් සිදු කෙරෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදීම සදහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන තත්ත්වයට ඉතා සාර්ථකව මුහුණ දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content