2020 ඇමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව පිටු 45කින් යුත් අධිචෝදනා පත්‍රයේ චෝදනා හතරක් ගොනුකර ඇති බවය විදෙස් මාධ්‍ය වාර්තා වල සදහන් කර ඇත්තේ.

නිල ක්‍රියාවලියකට බාධාකිරීම හා කුමන්ත්‍රණය, පුරවැසි අයිතිවාසිකම්වලට එරෙහි කුමන්ත්‍රණය ආදී චෝදනා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබෙනවා.

කෙසේ වෙතත් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලු චෝදනා ප්‍රතිෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content