තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් පවසා තිබෙනවා.

ඔහු සදහන් කරන්නේ ෆෙඩරල් පරීක්ෂණ කණ්ඩායමක් විසින් තමාව අත්අඩංගුවට ගැනීමට ඉඩ කඩ පවතින බවයි.

2021 ජනවාරි 6 වන දා කැපිටල් ගොඩනැගිල්ලේ ඇති වූ කලබලකාරි සිද්ධියට සහ 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමට එරෙහිව තමාට චෝදනා ගොනු කිරීමට ඉඩ ඇති බව ඔහු පවසනවා.

මේ අතර 2024 අමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන් රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ඉදිරියෙන් පසුවනවා.

 

WhatsApp Group

Skip to content