ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික පැරණි කොටස් හුවමාරු ගොඩනැගිල්ල ගින්නක් හේතුවෙන් විනාශ වී තිබෙනවා.

17 වැනි සියවසට අයත් මෙම ගොඩනැගිල්ල 1625දී ඉදිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් එරට සංස්කෘතික අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වසර 400ක ඩෙන්මාර්ක් සංස්කෘතික උරුමය ගිනිබත් වූ බවයි.

මෙම ගින්න හට ගැනීමත් සමග ගොඩනැගිල්ලේ තිබූ ඓතිහාසික සිතුවම් ආරක්ෂිතව ඉන් පිටතට ගැනීමට මහජනතාව කටයුතු කර ඇති අතර, පැය කිහිපයකට පසු ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content