2024 වසරේ ගත වූ කාලය තුල සමස්ථ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 31,273 ක් වාර්තා වී තිබෙනවා .

එමෙන්ම පසුගිය මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 966 ක්.

ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් ලෙස ව්‍යාප්තවීමේ අවධානමක් රත්නපුර දිස්ත්‍රික්කය තුළ පවතින බව සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

මෙම වසරේ ගතවූ කාලය තුල රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2 198 ක්.

ඒ අනුව එම දිස්ත්‍රික්කය තුල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් ලබන 28 වනදා පැවැත්වීමට නියමිතයි.

රාජ්‍ය නිලධාරීන්ගේ සහ ප්‍රජාව සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.

WhatsApp Group

Skip to content