පෙර සතියට සාපේක්ෂව මේ සතියේ ඩෙංගු රෝගීන් වාර්තාවීම යළිත් ඉහළ ගොස් තිබෙනවා .

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 58 ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි.

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 72,903 ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,998 කගේ වැඩිවීමක් .

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවලින්.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ, ඒ අතුරින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 14 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි තහවුරු වූ බවයි.

එම කොට්ඨාසවල මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර මදුරුවන් බෝවිය හැකි ස්ථාන කෙරෙහි අවධානය යොමු කරන්නැයි එම ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

WhatsApp Group

Skip to content