මේ වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 40,958 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර, එම සංඛ්‍යාව 17,383 ක්. එහිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 10,284 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content