ජුනි මාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ගෙවුණු මාසය තුළ ඩෙංගු රෝගීන් 9 916 දෙනෙකු වාර්තා වී තිබුණා.

ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වු සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 49 326ක්.

ඩෙංගු අධි අවදානම් තත්ත්වය මෙතෙක් පහවගොස් නොමැති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content