කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුනු දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසනවා.

ඔහු පැවසුවේ ඩෙංගු වැළදුනු දරුවන් 35 දෙනෙකු මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර නිසි පාලනයක් නොමැති වුවහොත් මෙම වසරේ ඩෙංගු රෝගීන් ගණන ඉතිහාසයේ වැඩිම රෝගීන් වාර්තා වූ වර්ෂය බවට පත් වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2017 වසරේ වාර්තා වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/06/DENGU-EDIT-2.mp3?_=1

 

WhatsApp Group

Skip to content