වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙම වසර අවසන් වන විට මෙරට ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 29 ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

වසරේ ගත වූ කාලය තුළදී ඩෙංගු රෝගීන් 36,642 ක් මෙරටින් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ.

එමෙන්ම ගත වූ කාලය තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content