දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළේ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

එමෙන්ම ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය සමඟ යළිත් වරක් ඩෙංගු මඳුරුවන් බෝවීමේ අවදානම ඉහළ යා හැකි බවයි.

WhatsApp Group

Skip to content