මේ මාසයේ ගතවූ දින කිහිපය තුල ඩෙංගු රෝගීන් 3200 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පවතින වර්ෂාපතන තත්ත්වයත් සමග එම රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි.

එම රෝගින් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාරථා වන බවයි එම ඒකකය පවසන්නේ.

එමෙන්ම කොළඹ, කළුතර, කල්මුණේ සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද ඩෙංගු රෝගින් සැලකිය යුතු ගණනක් වාර්තා වී තිබෙනවා.

සමස්තයක් ලෙස වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 71,000ක් පමණ වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

WhatsApp Group

Skip to content