ඩෙංගු මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ද්‍රස් මර්සෙලෝ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බවයි තානාපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content