ඩෙංගු පාලනය සඳහා බස්නාහිර පළාත තුළ ආයතන හා පරිශ්‍ර පරීක්ෂා කිරීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව සතියේ සෑම සඳුදා දිනකම පෞද්ගලික පාසල්, රජයේ පාසල්, පෙර පාසල්, පෞද්ගලික අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන පරීක්ෂාවට ලක් කෙරේන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

අඟහරුවාදා දින කර්මාන්ත ශාලා, බදාදා ඉදිකිරීම් සිදුවන වැඩ බිම්වලත්, පරික්ෂාවට ලක් කෙරෙනු ඇති.

එමෙන්ම බ්‍රහස්පතින්දා පෞද්ගලික ආයතනවලත්, සිකුරාදා රාජ්‍ය ආයතනවලත්, සෙනසුරාදා සහ ඉරිදා නිවාස හා ගෙවතු ආශ්‍රිතවත්, ඉරිදා ආගමික සිද්ධස්ථානත් පරික්ෂාවට ලක් කිරීමට නියමිතයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ බස්නාහිර පළාත් අනු කමිටුව පසුගියදා රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණයන්ට එළැඹ තිබෙනවා.

මෙම පරීක්ෂාවන් අදාළ ආයතන විසින් පත් කර ගන්නා ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සතිපතා සිදු කර එම වාර්තා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත මාසිකව ලබා දිය යුතුයි .

WhatsApp Group

Skip to content