කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙම මස ගත වූ දින 5 තුළ පමණක් අදාළ දිස්ත්‍රික්ක තුළින් රෝගීන් 497 දෙනෙකු වාර්තා වී ඇති බවයි .

එමෙන්ම ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 25,417 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 9 ක්.

මේ අනුව පවතින තත්ත්වය සළකා බලා දුමායන කටයුතු සහ පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content