අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා කියා සිටියේ දුම්රිය ස්ථානයේ ධාවනාගාරයෙන් ඩීසල් ලීටර් 545ක් පමණ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ඔවුන්ගේ වැඩතහනම් කර ඇති බවයි.

අදාළ ඩීසල් සොරකම පසුගිය සැප්තැම්බර් මස 19 වැනිදා සිදුව තිබෙනවා.

සොරකම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණා.

අදාළ කමිටුව සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව ඉදිරිපත් කළ වාර්තාව පදනම් කර ගනිමින් අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානභාර නිලධාරීවරයා ඇතුළු දුම්රිය සේවකයින් 5 දෙනෙකුගේ වැඩතහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content