රට බංකොලොත් කළ පාර්ශව සමග ගණුදෙනුවක් නොමැති එකම පක්ෂය සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පොළොත්නරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2024/05/SAJITH-PREMADASA-EDIT-1.mp3?_=1

මේ අතර ජනතා අපේක්ෂා ඉටුවන නව රජයක් ගොඩනගන බව ජාතික ජන බලවේගය පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රටේ දේශපාලනය ජාතික ජන බලවේගය වටා කේන්ද්‍රගතව ඇති බවයි.

වව්නියාව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2024/05/ANURA-KUMARA-EDIT-1.mp3?_=2

WhatsApp Group

Skip to content