ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කඩිනම් ඩිජිටල් පරිවර්තනයක් මඟින් මෙරට ආර්ථිකය ඉන්දියානු සාගර කලාපයේ නැගී එන ආර්ථිකයක් බවට පත් කළ හැකි බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (26) පෙරවරුවේ ආරම්භ වු ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණ අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණි. සේවා සැපයීම යථාර්ථයක් බවට පත්කිරිම, ප්‍රජාවන් බලගැන්විම සහ නව්‍යකරණයට ජවය ලබා දෙමින් ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් හි පරිවර්තනයක් සිදු කිරීම පිළිබඳ මෙම සමුළුවේදී අවධානය යොමු කෙරිණි.

එම විද්වත් සාකච්ඡා සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ පාලනය පිළිබද විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන, දැනුම හා අත්දැකීම් සපිරි ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික විද්වතුන් රැසක් එක්ව සිටියහ.

නව නීති සම්මතවීම සමඟ අපනයන ඉලක්ක කර ගත් ඩිජිටල් හා හරිත ආර්ථකයක් බවට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිවර්තනය කිරිමට හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

WhatsApp Group

Skip to content