ඩිංගි යාත්‍රාවකින් කේරළ ගංජා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී සිය භාරයට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයන් දෙදෙනා සිය භාරයට ගන්නා අවස්ථාවේ රුපියල් ලක්ෂ 28ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 70කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.

මෙම පුද්ගලයන් දෙදෙනා මෙන්ම නාවික හමුදාව සිය භාරයට ගෙන තිබූ කේරළ ගංජා සහ ඩිංගි යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

WhatsApp Group

Skip to content