පාසල් රග්බි ලීග් තරගාවලියේ තවත් තරග 4ක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු අදියරේ ඒ කාණ්ඩය යටතේයි මෙම තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විදුහල අතර පළමු තරගය පැවැත්වෙනු ඇති.

කොළඹ රාජකීය විද්‍යාලය සහ විද්‍යාර්ත විද්‍යාලය අතර තරගය කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

එමෙන්ම මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර විද්‍යා විද්‍යාලය අතර අද තරගයක් පැවැත්වෙනවා.

මේ අතර මහනුවර බෝගම්බර ක්‍රිඩාංගනයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර තරගය පැවැත්වීමට නියමිතයි.

මෙම සියලු තරග අද පස්වරු 04ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content