පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සිදු වූ සිදුවීම පිළිබඳ සොයාබැලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.

පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ රෝහණ බණ්ඩාර හා සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරුන්  අතර සිදු වූවා යැයි, තමා වෙත දෙපාර්ශ්වයෙන් ම ඉදිරිපත් වූ පැමිණිලි පිළිබඳව විමර්ශනයකොට වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය කථානායකගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව කථානායකවරයා විසින් පත් කිරීමටය් කටයුතු කළේ.

ඒ අනුව මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ,ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්,තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල යන මන්ත්‍රීවරුන් කටයුතු කරනු ලැබුවා.

කමිටුව සිව් වතාවක් රැස්වූ අතර සිද්ධියට සම්බන්ධ මන්ත්‍රීවරුන් තිදෙනාට අමතරව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාද සිද්ධිය සම්බන්ධව සාක්ෂි විමසීම සඳහා කමිටුව වෙත කැඳවීමටයි කටයුතු කර තිබුණේ.

WhatsApp Group

Skip to content