රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මේ මස 31 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මින් පෙර අභියාචනාධිකරණය නියෝග කර තිබුණේ පෙත්සමට අදාළ තීන්දුව අද දිනයේදී ප්‍රකාශයට පත් කරන බවයි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ්. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ.

එහෙත් අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවයි නඩුව අද කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මේ බව කියා සිටියා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් පෙත්සමක් ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි.

WhatsApp Group

Skip to content