හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර තිබූ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු ඉවත්ව තිබෙනවා.

අදාළ චෝදනා එල්ල කරමින් පෙත්සම වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා විසිනුයි ගොනුකර ඇත්තේ.

අදාළ පෙත්සම ප්‍රීතිපත්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවරුන් දෙදෙනා මෙලෙස ඉවත් වීමටයි කටයුතු කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content