රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පුද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධානය කරනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තා පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ටෙලිකොම් ආයතනය පුද්ගලිකකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ආදළ කාරක සභා වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් ආදළ වාර්තාව කරුණු රැසකින් සමන්විත වුවද එමගින් අවධානය කර ඇති විෂය ක්ෂේත්‍රය සම්බන්ධව තාර්කික හෝ විද්‍යාත්මක දත්ත විශ්ලේෂණයක් මත පදනම් නොවුවක් බවයි රජය පෙන්වා දෙන්නේ.

එමෙන්ම රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීන්දුව හේතුවෙන් අදාළ වාර්තාව මගින් පෙන්වා දෙන ආකාරයේ බලපෑමක් ජාතික ආරක්ෂාවට එල්ල නොවන බවට තහවුරු වන බවයි රජයේ මතය වන්නේ.

ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

WhatsApp Group

Skip to content