අමෙරිකාවේ මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඇන්ජලීස් නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 69 කින් ජය ගැනීමට ටෙක්සාස් සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ටෙක්සාස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 181 ක් රැස් කළා.

ඩෙවොන් කොන්වේ ලකුණු 55 ක් සහ ඩේවිඩ් මිලර් වේගවත් ලකුණු 61 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ලොස් ඇන්ජලීස් කණ්ඩායම රැස් කළේ ලකුණු 112 ක් පමණයි.

තරගයේ වීරයා සම්මානය ටෙක්සාස් කණ්ඩායමේ ඩේවිඩ් මිලර් විසින් දිනා ගත්තා.

WhatsApp Group

Skip to content