ආබාධයකට ලක්ව සිටි නවසීලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ටිම් සෞතිට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ හැකි බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙම සති අන්තයේදී ඔහු ඉන්දියාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ලෝක කුසලානය යටතේ නවසීලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝම්බර් 5 වන දා එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එම තරගය වෙනුවෙන් සෞති ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ලෝඩ්ස් හි දි එංගලන්තයට එරෙහිව පසුගිය දා පැවති එක්දින තරගයකදී පන්දු රැකීමේදී ටිම් සෞති ආබාධයකට ලක් වුණා.

මේ අතර එක්දින ලෝක කුසලානය සදහා තරග කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

එලෙස පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළේ ආබාධයකට ලක්ව සිටින වනිදු හසරංග යහපත් තත්ත්වයට පැමිනෙන්නේ නම් ක්‍රීඩා කිරීමට හැකි බවයි.

 

https://www.vnews.lk/storage/2023/09/CRICKET-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content