ටින් අංකය ලබාගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමත්‍යවරයා සඳහන් කරන්නේ ඊට අදාලව බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය නොහොත් ටින් අංකය ලබාගත් පුද්ගලයින් විසින් ලිඛිතව දැනුම් දීමක් සිදු කල යුතු බවයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවයි අමත්‍යවරයා සඳහන් කලේ.

මේ වන විට ටින් අංකය ලබාගෙන ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 23ක් වන අතර ජූනි මස පමණක් පුද්ගලයන් ලක්ෂ 13ක් එම අංකය ලබා ගෙන ඇති බව සඳහන්.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, ජූලි මස අවසන් වන විට TIN අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 73ක් බවට පත් කිරීම අරමුණ බවයි.

WhatsApp Group

Skip to content