ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටින යාචකයන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටින යාචකයන්ට මුදල් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව යාචකයන්ට මුදල් ලබා දීමට කටයුතු කළහොත් ඔවුන්ට දඩ මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව සඳහන් .

WhatsApp Group

Skip to content