දෙවන වරටත් තමන් ජයග්‍රහණය කළහොත් රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්‍රධානියා ලෙස ඉලොන් මස්ක් පත්කරන බවට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

මැතිවරණ ප්‍රචාරක රැලියකදී තම ආර්ථික දැක්ම ඉදිරිපත් කරන අතරතුරදියි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

තමා නැවත පත්වීමෙන් පසු ඇමෙරිකාවේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරමින් ජාතික ආර්ථික පුනරුදයක් ඇති කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content