පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසැල් ළමුන් පිළිපැදිය යුතු ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය නව නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා.

සිසුන්ගේ පෞද්ගලික පෙර සූදානම යටතේ නිර්දේශ ඉදිරිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ සිසුවියන් බඳ පටි පැළඳීම හැකිතාක් අවම කළ යුතු බවයි.

අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැළඳීම හෝ ටයි පටියේ ගැටය ලිහිල් කිරීම සිදු කළ යුතු බවට දන්වා තිබෙනවා.

අධික හිරු එළිය සහිත පරිසරයේදී හොඳින් හිස ආවරණය වන හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කළ යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.

මෙම නිර්දේශ මාලාව යටතේ අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ සහ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදවීම තවදුරටත් වළක්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content