ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සදහා ගොස් අනතුරට පත් ටයිටන් නැමැති සබ්මැරීනය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබී ඇති බව එරට සහන කණ්ඩායම් පවසනවා.

ඔවුන් පවසන්නේ සෑම පැය 4 කට වරක් යම් හඬක් මුහුදු පත්ලෙන් ශ්‍රවණය වන බවයි.

ලෝකප්‍රකට ටයිටැනික් නෞකාව ගවේෂණය සදහා ගමන් කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරිනයක් මගීන් 5 දෙනෙකු සමග අතුරුදන් වුණේ පසුගිය සති අන්තයේදියි.

එතැන් සිට අදාළ සබ්මැරිනය සෙවීම සදහා ඇමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය එක්ව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

මෙලෙස අනතුරට පත් සබ්මැරිනය තුළ එහි නිෂ්පාදන සමාගමේ විධායක නිලධාරිවරයා මෙන්ම ධනවත් ගවේෂකයින් පිරිසක් ද සිර වී සිටින බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කිලෝ දස දහසකට වැඩි බරකින් යුත් ටයිටන් සබ්මැරිනය අත්ලාන්තික් සාගර පතුලේ ටයිටැනික් සුන්බුන් සොයා පැය 8 ක නිරීක්ෂණ චාරිකාවක යෙදී ඇති බව සදහන්.

අදාළ නිරීක්ෂණ චාරිකාවේදි පැයයි මිනිත්තු 45 කට පසුව යාත්‍රාව සමග පැවති සියලු සන්නිවේදන සබදතා බිද වැටී තිබෙනවා.

එන් අනතුරුවයි මෙලෙස සබ්මැරිනය සෙවීමේ මෙහෙයුම් ආරම්භ වී ඇත්තේ.

WhatsApp Group

Skip to content