කොලරාඩෝ හි පැවති ඇමරිකානු ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්රදානෝත්සවය අතරතුර ජනාධිපති ජෝ බයිඩ්න් ඇද වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වේදිකාවේ සවිකර තිබූ තාක්ෂණික උපකරණ රඳවනයක පය පැටලීමෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇති බවයි.
එහිදී ගුවන් හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ඇමරිකානු ජනාධිපතිවරයාට නැගී සිටීමට සහය වී ඇති අතර සිද්ධියෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.
80 හැවිරිදි වියේ පසුවන ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් පැය එකහමාරක් පුරා ශිෂ්‍ය භටයින් 921 දෙනෙකුට අතට අත දෙමින් වේදිකාවේ සිටගෙන සිට ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද විවේකී දිනයක්
- බන්ධනාගාරවල ආරක්ෂාව දැඩි කෙරේ
- වී.එෆ්.එම් විශේෂ මැතිවරණ විකාශය අද රාත්‍රි 07ට
- අද බස් රථ ධාවනය සිදුවන්නේ මෙහෙමයි
- බීමතින් මැතිවරණ රාජකාරී සදහා එක්ව සිටි රියදුරෙකු අත්අඩංගුවට
- පුර්ව මැතිවරණ සමය සමාකාමීයි – මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් සහතිකයක්.
- ඡන්ද මධ්‍යස්ථානවලට විශේෂ ආරක්ෂාවක් – පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකයත් සීරුවෙන්.
- තීරණාත්මක ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අදයි.