අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන් තුවක්කුවක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේදී වරද කරුවෙකු වන බවට අධිකරණය තීන්දු කර තිබෙනවා.
අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණයක් මගින් වරදකරු වූ පළමු අමෙරිකාවේ ජනාධිපති පුත්‍රයා ඔහු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
2018 වසරේදී තුවක්කුවක් මිලදී ගැනීමට යාමේදී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින බව වසන් කිරීම හේතුවෙන් හන්ටර් බයිඩන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
මෙම නඩු තීන්දුවෙන් හන්ටර් වරදකරුවෙකු ලෙස ප්‍රකාශ කළද විනිසුරුවරයා විසින් දඬුවම් නියම කිරීමට දින නියම කර නොමැති අතර, වරදකරු කිරීමෙන් පසු දින 120ක් පමණ කාලයක් තුළ දඬුවම් ප්‍රකාශ කිරීමට හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content