ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරයකුගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියේ චෝදනා එල්ල වූ රැඳවියා මීගමුව බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා.
අදාළ ජේලර්වරයා විසින් ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගෙන තිබුනා.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්දව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

තම නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවට අදාළ ජේලර්වරයා පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ජේලර්වරයාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content