අනුරාධපුර ජේතවනාරාම දාගැබට සිදුවන ජල කාන්දු වීම් වැළැක්වීම සදහා ජල මුද්‍රිත ආවරණයක් යෙදීමට තීරණය කර තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල සදහන් කළේ එහි පෞරාණික පෙනුමට බාධාවක් නොවන පරිදි හතරැස් කොටුවට ඉහළින් එම ආවරණය යොදන බවයි.

එය දාගැබේ ගඩොල් අතර කුස්තුරවලින් එහි අභ්‍යන්තරයට සිදුවන ජලකාන්දුව වැළැක්වීමට ස්ථිර පිළියමක් ලෙස විශේෂඥයින් යෝජනා ඉදිරිපත් කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සදහන් කළා.

 

WhatsApp Group

Skip to content