තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දේවගැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දුන්නා.

 

WhatsApp Group

Skip to content