ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ආරක්ෂක ලේකම් හිටපු එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබෙනවා.

කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශයේදීයි මෙම හමුව සිදුව ඇත්තේ.

එහිදී දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

ඉදිරියේදීත් ඇමරිකානු රජය සහ තානාපති කාර්යාලය සමග සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content