ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සදහා ජීවී මත්ස්‍යයින් සහ කැස්බෑවන් 365 දෙනෙකු රැගෙන පැමිණි ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ සහ ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු සඳහන් කලේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තළවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයකු බව සඳහන්.
ඔහු විසින් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙම සතුන් රැගෙන විත් තිබූ අතර ඔවුන් අතර ඇරවානා , මඩු , කැට් පිෂ් සහ කැස්බෑවන් සිටින අතර ඔවුන්ට කටුනායක ගුවන් තොටුපොළේ දී යළිත් ඔක්සිජන් වායුව ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.
රේගු ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට