එංගලන්ත දඟ පන්දු යවන ක්‍රීඩක ජැක් ලීච්ට ඕස්ටේ්‍රලියාව සමඟ ආරම්භ වීමට නියමිත තරග 5කින් යුත් අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් ලීච්ට මෙලෙස තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

අළුබදුන ටෙස්ට් තරගාවලිය එළඹෙන 16 වැනිදා බර්මිංහැම් හී දී ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content