මෙරට ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය අද (01) පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරණායක සම්මණ්ත්‍රණශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ජාතික සුව සේවා ප්‍රදර්ශනය මෙවර පවත්වන්නේ 13 වෙනි වරටය. අද දින ආරම්භ කරන ලද ප්‍රදර්ශනය මාර්තු 03 වෙනි දින දක්වා දින තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ජාතික සුව සේවා, ආයුර්වේදීය ඖෂධ, සුවසේවා සංචරණ, සුවබර ජීවන යනුවෙන් ප්‍රධාන ප්‍රදර්ශන ධාරා හතරක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝහල් යන ප්‍රධාන අංශ ත්‍රිත්වයටම අයත් දේශීය හා ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ප්‍රදර්ශන කුටි 130 කට අධික ප්‍රමාණයකින් සමන්විත වේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුලුව දසදහසට අධික නරඹන්නන් පිරිසක් මේ සඳහා සහභාගි වනු ඇතැයි සංවිධායක කමිටුව අපේක්ෂා කරයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ පැවැත්වෙන 2024 මෙම ප්‍රදර්ශනයේ නවතම වෛද්‍ය තාක්ෂණයන්, ඖෂධ පිළිබද තොරතුරු හා දැනුම, රෝග නිවාරණය හා ප්‍රතිකාර පිළිබද දැනුම, උපදේශනය සහ වෙනත් උසස් වෛද්‍ය සේවාවන් රාශියකින් සමන්විත වේ.

WhatsApp Group

Skip to content