මෙම වසරේ මැයි මාසය සදහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 2023 අප්‍රේල් මාසයේදී සියයට 33.6 ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මෙම වර්ෂයේ මැයි මාසයේදී සියයට 22.1 කින් පහත වැටී ඇති බවයි.

ආහාර කාණ්ඩය සැලකු විට මාඵ, එළවඵ, සීනි, කුකුල් මස් ඇතුඵ මයිසූර් පරිප්පු, අර්තාපල්, බී `ඵණු වැනි ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

එමෙන්ම මිරිස් කුඩු, පළතුරු, කිරිපිටි මෙන්ම සහල්, පොල්තෙල් ආදි ආහාර ද්‍රව්‍යවල ද යම් කිසි අඩුවීමක් දක්නට ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

 

WhatsApp Group

Skip to content