ජාතික නීති සතිය අදින් ඇරඹෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

ඒ අනුව අද සිට ඔක්තෝම්බර් පළමු වෙනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ලබන වසර වන විට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා වසර 50 ක් සපිරෙන අතර ඒ වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත් කළ බවයි නීතිඥ සංගමය සඳහන් කළේ.

මෙම සතිය තුළ නොමිලේ නීතිමය උපදෙස් ලබා දීම සදහා මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසදුම් ලබාදීම ද සිදු කිරීමට නියමිතයි.

මේ අතර සැප්තැම්බර් 27 සහ 28 යන දෙදින තුළ කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය මූලික කරගනිමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ ජේ්‍යෂ්ඨ නීතිඥවරුන් විසින් ජනතාවගේ නීතිමය ගැටලුවලට නොමිලේ උපදෙස් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content